Homeසියලුම පුවත්අදත් ප්‍රදේශ රැසකට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක්

අදත් ප්‍රදේශ රැසකට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට ආසන්න තද වැසි ඇද හැලිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
දිවයින පුරා විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමා යා හැකි බවටද අනතුරු අඟවා තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments