Homeසියලුම පුවත්ජූලි - අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට නියං අවදානමක්

ජූලි – අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට නියං අවදානමක්

දශකයකට පසු ඇතිවිය හැකි ප්‍රබල El Niño තත්ත්වයක බලපෑම හේතුවෙන් ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට නියං තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.
පැසිෆික් සාගරයේ ජල උෂ්ණත්වය ඉහළ යාමෙන් ඇතිවන මෙම ස්වභාවික සංසිද්ධිය ලොව පුරා කාලගුණ රටාවන්ට බලපාන අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල වර්ෂාපතනය අඩුවීමට හේතු විය හැකි බව සඳහන් වේ.
මේ අතර, මෙම තත්ත්වය නොවැම්බර් මාසය දක්වා පැවතිය හැකි අතර, ශ්‍රී ලංකාවට එහි බලපෑම් ලබන වසරේ පෙබරවාරි මාසය දක්වාද දිගු විය හැකි බවට විශේෂඥයන් පෙන්වා දෙයි.
කෘෂිකාර්මික අංශයටද බලපෑම් එල්ල විය හැකි අතර, ආහාර නිෂ්පාදනය සහ සැපයුම් ක්ෂේත්‍රයට අහිතකර ප්‍රතිවිපාක ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments