ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව, අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (17) ඇප මත මුදාහැර තිබේ.කස්සප හිමියන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයේදී කරුණු දක්වමින්, තමන්ට පනවා තිබූ කොන්දේසි සහිත ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සමාව අයැද සිට ඇත.එමෙන්ම ත්‍රිකුණාමලය අධිකරණයට සහ අනුරාධපුර විනිසුරුවරයාට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ද සමාව අයැද තිබේ.අදාළ වැරදි දෙක සම්බන්ධයෙන් සමාව අයැදීම සැලකිල්ලට ගත් ත්‍රිකුණාමලය අධිකරණය, බලංගොඩ කස්සප හිමියන් ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.

