හොරණ, ගල්පාත ප්රදේශයේ වැඩිහිටි සත්කාරක නිවාසයක අද (3) පස්වරුවේ හටගත් ගින්න සිදුවන අවස්ථාවේදී පුද්ගලයින් 72 දෙනෙකු එම පරිශ්රයේ රැඳී සිට ඇති බව වාර්තා වේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා සහන කණ්ඩායම් සහ ප්රදේශවාසීන් එක්ව කටයුතු කර ඇති අතර, මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.
එහිදී පුද්ගලයින් 44 දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන ඇති අතර, තුවාල ලැබූ 8 දෙනෙකු හොරණ දිස්ත්රික් රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත්, ගින්න අතරතුර 11 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, සෙවීම් මෙහෙයුම් අතරතුර කිහිප දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බවද වාර්තා වේ.
ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
හොරණ වැඩිහිටි නිවාස ගින්න සිදුවන අවස්ථාවේ 72ක් රැඳී සිට ඇත

