මහර නගරයේ පිහිටි ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ අලෙවිසැලක් අද (07) ගිනි ගැනීමට ලක්ව තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ හතරක් යොදවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
ගින්නෙන් සිදුවූ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
මහර ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ අලෙවිසැලක ගින්නක්

