Homeසියලුම පුවත්ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලද වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු සහ උතුරු මැද පළාත් මෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං හමනු ඇති බවටද අනතුරු අඟවා තිබේ.
සෙසු ප්‍රදේශවලද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments