Homeසියලුම පුවත්නුවරඑළිය මහ නගර සභාවේ ඩීසල් වංචාවක් ගැන හෙළිදරව්වක්

නුවරඑළිය මහ නගර සභාවේ ඩීසල් වංචාවක් ගැන හෙළිදරව්වක්

නුවරඑළිය මහ නගර සභාවේ පසුගිය ආපදා කාලසීමාව තුළ සිදුවූ බව කියන රුපියල් මිලියන 9.2ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුවී තිබේ.
ආපදා කළමනාකරණ කටයුතු සඳහා කුලී පදනම මත ලබාගත් වාහනවලට ඩීසල් සැපයීම සඳහා මුදල් වෙන් කිරීමේදී මෙම වංචාව සිදුව ඇති බව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මහතා සහ නුවරඑළිය සුරැකීමේ සංවිධානය නියෝජිතයෝ පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ, වෙන් කළ මුදලට සරිලන පරිදි වැඩ කටයුතු සිදු නොවූ බවත්, ටෙන්ඩර් පටිපාටියකින් තොරව වාහන ලබාගෙන ඉන්ධන සැපයීම සිදුව ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් විධිමත්, අපක්ෂපාති විමර්ශනයක් සිදුකරන ලෙස ඔවුන් විගණකාධිපතිවරයාගෙන් සහ නුවරඑළිය දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments