ඉන්ධන මිල ඉහළ යාම සහ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට (08) සිට බස් රථ ධාවනය සීමා කිරීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, මේ වනවිටත් බස් රථවලින් සියයට 25ක් පමණ ස්වයංක්‍රීයව ධාවනයෙන් ඉවත් වී ඇති බවයි.
ඒ අනුව, උදෑසන සහ සවස කාර්යබහුල කාලයන්හි අත්‍යවශ්‍ය ගමන් වාර පමණක් පවත්වාගෙන යමින් බස් ධාවනය සීමා කරන අතර, සමස්ත ධාවන ප්‍රමාණය සියයට 50ක් දක්වා අඩුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
වැඩිවන පිරිවැය හේතුවෙන් වත්මන් තත්ත්වය යටතේ පාඩු සහිතව බස් ධාවනය කළ නොහැකි බවද සංගමය අවධාරණය කරයි.
හෙට සිට පෞද්ගලික බස් ධාවනය 50%කින් අඩුවෙයි

