Homeසියලුම පුවත්සුරේෂ් සලේ වෙනුවෙන් හෙට සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්

සුරේෂ් සලේ වෙනුවෙන් හෙට සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුවන බව කියන අමානුෂික සැලකීම්වලට විරෝධය පළ කරමින් හෙට (08) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සූදානම් වී ඇති බව වාර්තා වේ.
සුරේෂ් සලේ මහතාගේ නීතිඥයින් පවසන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ නීතිමය කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය ලිපිලේඛන සකස් කිරීම සඳහා කඩිනමින් ඔහු හමුවීමට අවසර ලබාදිය යුතු බවයි.
මේ අතර, ඔහුට රඳවා තබා සිටින අවස්ථාවේදී අමානුෂික ලෙස සැලකීම් සිදුකර ඇති බවට චෝදනා එල්ල වන අතර, ඒ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙසද ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.
කෙසේ වෙතත්, පොලීසිය විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කිසිදු අමානුෂික සැලකීමක් සිදු නොවූ බව අවධාරණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments