ඉරානයේ පවතින යුධ ගැටුම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, යළි දැනුම්දෙන තුරු ඉරානයට සංචාරය කිරීමෙන් වළකින ලෙස ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත.
ඉරානය තුළ මේ වනවිට සිටින ඉන්දියානු පුරවැසියන් හැකි ඉක්මනින් එරටින් පිටව යන ලෙසද උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටෙහෙරානයේ පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලය හරහා නිකුත් කළ මෙම සංචාරක උපදේශනයේදී, ආරක්ෂක අවදානම් වැඩිවීම හේතුවෙන් ඉරානයට කිසිදු අත්‍යවශ්‍ය නොවන ගමන් වළක්වා ගන්නා ලෙසද අවධාරණය කර තිබේ.
නැවත දැනුම්දෙන තුරු ඉරානයට නොයන ලෙස ඉන්දියානුවන්ට දැනුම්දීමක්

