Homeසියලුම පුවත්හොරණ බැංකු කොල්ලය ගැන වාර්තාවක් කැඳවයි

හොරණ බැංකු කොල්ලය ගැන වාර්තාවක් කැඳවයි

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සිදුවූ රුපියල් කෝටි 3.5ක මුදල් කොල්ලය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලට අදාළව, බැංකුවේ මුදල් පරිපාලන කටයුතු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පොලීසියට ලබාදෙන ලෙස හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
විමර්ශන කටයුතු තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා බැංකුවේ මූල්‍ය ක්‍රියා පටිපාටි අධ්‍යයනය කිරීම අවශ්‍ය බවට පොලීසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
මේ අතර, කොල්ලයට සම්බන්ධ සැකකරු විසින් බැංකුව තුළ රහසිගතව සඟවා තිබූ රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් සහ ඒ සඳහා භාවිත කළ බෑගය නඩු භාණ්ඩ ලෙස අධිකරණයට භාරදී ඇති බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments