Homeසියලුම පුවත්මෝල්ටා මුහුදු තීරයේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් මරුට

මෝල්ටා මුහුදු තීරයේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් මරුට

මෝල්ටාවට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
අනතුරින් දිවි ගලවාගත් පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් එම ප්‍රදේශයේ ධීවර යාත්‍රාවක් මගින් බේරාගෙන ඇති බවද වාර්තා වේ.
ඉතාලි වෙරළාරක්ෂක බලකාය පවසන්නේ පුද්ගලයින් 60කට ආසන්න පිරිසක් රැගත් මෙම යාත්‍රාව ලිබියාවෙන් පිටත්ව ගොස් ඇති අතර, මෝල්ටාවට ගිනිකොන දෙසින් නාවික සැතපුම් 45ක් පමණ දුරින්දී අනතුරට ලක්ව ඇති බවයි.
අනතුර පිළිබඳ තොරතුරු ලැබීමත් සමඟ ඉතාලි බලධාරීන් සහන මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, මුල් අදියරේදී මළ සිරුරු 10ක් සොයාගෙන තිබුණි.
උණුසුම් කාලගුණයත් සමඟ උතුරු අප්‍රිකාවේ සිට යුරෝපය වෙත සංක්‍රමණිකයන්ගේ ගමන් බහුල වන අතර, මෙවැනි මුහුදු ගමන්වලදී ජීවිත හානි නිරන්තරයෙන් වාර්තා වන බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments