තලවතුගොඩ හන්දිය ආසන්නයේ අවන්හලක අද (09) උදෑසන හටගත් ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ගින්න මැඩපැවැත්වීමට කොට්ටේ මහනගර සභාවේ ගිනි නිවීමේ රථ තුනක් යොදාගෙන තිබේ.
ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න ඇතිවූ බවට සැක කෙරෙන අතර තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
තලවතුගොඩ අවන්හලක ගින්නකින් සිව්දෙනෙකුට තුවාල

