දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණය විසින් වසර 4 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇත.
ඊට අමතරව රුපියල් ලක්ෂ 18ක දඩයක්ද නියම කර තිබේ.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී වාහන කුලී පදනම මත ලබාගැනීමේදී රජයට පාඩු සිදුකිරීම සම්බන්ධ චෝදනා යටතේ මෙම නඩු ගොනු කර තිබුණි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ දූෂණ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවයි
සරණ ගුණවර්ධනට නඩු 4ටම වරදකරු කර වසර 4ක සිරදඬුවමක්

