ශ්රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
අද (09) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.38ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 342.08ක් ලෙසත් සටහන් වී තිබේ.
පසුගිය සතිය තුළ මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතික අතරින් අමෙරිකානු ඩොලරයක ඉහළම ගැනුම් සහ විකුණුම් අගය අද දිනයේ වාර්තා වී ඇති බවද සඳහන් වෙයි.
ඩොලරයේ විකුණුම් මිල රු. 342 ඉක්මවයි

