ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට හෙට (10) දිනයේ පැය 14ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව හෙට උදෑසන 9.00 සිට රාත්‍රී 11.00 දක්වා ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇත.
ගාල්ලට හෙට පැය 14ක ජල කප්පාදුවක්

