Homeසියලුම පුවත්අදත් වැසි සහ තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

අදත් වැසි සහ තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද (10) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටද වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු මැද පළාත් මෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද නිවේදනය කර ඇත.
සෙසු ප්‍රදේශවලද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ අංශ ඉල්ලා සිටියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවට උපදෙස් ලබාදී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments