Homeසියලුම පුවත්කජු වත්තකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරලා

කජු වත්තකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරලා

වනාතවිල්ලුව, කරතිව් ප්‍රදේශයේ කජු වත්තක් තුළදී පුද්ගලයෙකුට පහරදී වෙඩි තබා ඝාතනය කර ඇති බවට පොලිසිය පවසයි.
ඊයේ (09) අලුයම සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කල්අඩිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මරණකරු කජු ඇහිදීමට ගොස් සිටියදී වතුයායේ මුරකරුවන්ට හසුවී පහරකෑමෙන් අනතුරුව වායු රයිෆලයකින් වෙඩි තබා ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වතුයායේ මුරකරුවන් 08 දෙනෙකු වායු රයිෆල් 04ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 19ත් 41ත් අතර පුද්ගලයින් වන අතර, ඒත්තාලේ, පුත්තලම, කල්පිටිය සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පුත්තලම රෝහලේ තැන්පත් කර ඇති අතර, වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments