ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ගොනු කර ඇති මෝසමකට අදාළ නියෝගය අද (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙම මෝසම පසුගිය ජූනි 04 දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලූ අතර, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණය නියෝගය ප්‍රකාශයට පත් කිරීම අද දිනට කල් තබා තිබුණි.
සුරේෂ් සලේගේ මෝසම පිළිබඳ නියෝගය අද

