Homeසියලුම පුවත්ඉරානයට අමෙරිකාවෙන් යළි ගුවන් ප්‍රහාර

ඉරානයට අමෙරිකාවෙන් යළි ගුවන් ප්‍රහාර

එක්සත් ජනපදය විසින් ඉරානයේ ඉලක්ක කිහිපයකට නැවතත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති Donald Trump විසින් සිදුකළ අනතුරු ඇඟවීමකින් අනතුරුවයි.
මේ අතර, උපායමාර්ගික වශයෙන් වැදගත් Strait of Hormuz සමුද්‍ර සන්ධිය සියලු වාණිජ හා තෙල් නෞකා සඳහා වසා දමන බව ඉරාන හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇති අතර, මෙම වර්ධනයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙයි.
ඉරාන හමුදා මූලස්ථානය පවසා ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඕනෑම නෞකාවක් ඉලක්කයක් විය හැකි බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments