Homeසියලුම පුවත්හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීමෙන්බොරතෙල් මිල තවත් ඉහළට

හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීමෙන්බොරතෙල් මිල තවත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව නව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමෙන් අනතුරුව, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය ගත් තීරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබේ.
වාර්තා වන පරිදි, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.40 දක්වා ඉහළ ගොස් ඇති අතර, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.63 දක්වා ඉහළ නැග තිබේ.
ඉරාන හමුදාව නිවේදනය කර ඇත්තේ තෙල් නෞකා ඇතුළු සියලු වාණිජ යාත්‍රා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා දමන බවයි. එම සීමාව තරණය කිරීමට උත්සාහ කරන නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ හැකි බවටද අනතුරු අඟවා ඇත.
කෙසේවෙතත්, අමෙරිකාව පවසන්නේ වාණිජ නෞකා තවදුරටත් ආරක්ෂිතව එම මුහුදු මාර්ගය භාවිත කරන බවයි.
මෙම වර්ධනයත් සමඟ මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවදුරටත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments