ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර අවලංගු කිරීමට අමෙරිකාව තීරණය කිරීමත් සමග ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි පහළ ගොස් තිබේ.
ඊයේ ඩොලර් 90 සීමාව ඉක්මවා ගිය බොරතෙල් බැරලයක මිල, අද වනවිට එම සීමාවට පහළින් වාර්තා වී ඇත.
නවතම මිල ගණන් අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 89.33ක් ලෙසත්, මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 87.25ක් ලෙසත්, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක් ඩොලර් 86.74ක් ලෙසත් සටහන් වී තිබේ.
අමෙරිකාව සහ ඉරානය අතර ඇතිවූ ආතතිකාරී තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමද ඊට බලපා තිබුණි.
කෙසේවෙතත්, අමෙරිකාව ප්‍රහාර සැලසුම් අත්හැරීමත් සමග වෙළෙඳපොළ තුළ ඇති වූ සන්සුන්භාවය හේතුවෙන් බොරතෙල් මිල නැවතත් පහළ මට්ටමකට පැමිණ ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මැදපෙරදිග ආතතිය ලිහිල්වීමත් සමග බොරතෙල් මිල පහළට

