කුරුණෑගල – පුත්තලම මාර්ගයේ හේරත්ගම හන්දිය ආසන්නයේ ඊයේ (12) සිදුවූ බස් රථ අනතුරකින් 40 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අවුලේගම ප්රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සිය පස් හැවිරිදි දරුවා වඩාගෙන මාර්ගයේ ගමන් කරමින් සිටියදී, පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පියා සහ දරුවා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්රතිකාර ලබමින් සිටියදී පියා මියගොස් තිබේ.
තුවාල ලැබූ දරුවා වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
දරුවා වඩාගෙන ගිය පියෙකු බස් අනතුරකින් මරුට

