Homeසියලුම පුවත්ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර එකඟතාවක් ඇතිවී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.
දෙරට අතර පැවති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඉහළ ගිය බොරතෙල් මිල, අද (15) දිනයේදී මෑත කාලයේ වාර්තා වූ අවම මට්ටමක් දක්වා පහත වැටී ඇත.
ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.91ක් ලෙස සටහන් වූ අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.89ක් දක්වා පහළ ගොස් තිබේ.
WTI බොරතෙල් මිල ඩොලර් 80 සීමාවට පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව පළමු වරට වන අතර, පෙබරවාරි අවසන් සතියේදී එහි මිල ඩොලර් 67ක් ලෙස වාර්තා වී තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments