යාපනය–නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව කුඹුගොල්ලෑව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අද (18) උදෑසන මහනුවර සිට වවුනියාව දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් යතුරුපැදියක ගැටී ඇති අතර, එම යතුරුපැදියේ ගමන් කරමින් සිටි ගුරුවරිය බස් රථයේ පසුපස රෝදයට යටවීමෙන් මෙලෙස මියගොස් ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පූනෑව, ගල්කන්දේගම විද්‍යාලයේ සේවය කළ 56 හැවිරිදි ගුරුවරියකි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහලේ තැන්පත් කර ඇති අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පූනෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.
යාපනය–නුවර මාර්ගයේ අනතුරකින් ගුරුවරියක් ජීවිතක්ෂයට

