ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන්නේ, මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අද (19) පෙරවරුවේ සිට හෙට (20) පෙරවරු 8.00 දක්වා හදිසි ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බවයි.
කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ප්‍රධාන ජල සැපයුම් නල මාර්ගයක හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
මහර සහ ගම්පහට හදිසි ජල කප්පාදුවක්

