Homeසියලුම පුවත්දැරණියගල සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙක් රිමාන්ඩ්

දැරණියගල සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙක් රිමාන්ඩ්

දැරණියගල ප්‍රදේශයේ පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනෙකු ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය 19 වැනිදා දැරණියගල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් කණ්ඩායමක් සහ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.
එහිදී අයුතු ජනරාශියක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට පහරදී තුවාල සිදුකිරීම, රාජකාරියට බාධා කිරීම සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම යන චෝදනා මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවන් අවිස්සාවේල්ල රෝහලේ සිට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments