Homeසියලුම පුවත්සැක සහිත පුද්ගලයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්

සැක සහිත පුද්ගලයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්

සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ බවට සැක කෙරෙන සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු තමන් සහ දරු දෙදෙනා දිගින් දිගටම නිරීක්ෂණය කරන බව ඇය එම පැමිණිල්ලෙන් සඳහන් කර ඇත.
ඊයේ (20) දිනයේ සිය 17 හැවිරිදි දියණිය සහ 22 හැවිරිදි පුත්‍රයා ජාතික රෝහලට ගිය අවස්ථාවේදී අදාළ පුද්ගලයා ඔවුන් පසුපස ගොස් ජංගම දුරකථනයකින් ඡායාරූප හෝ වීඩියෝ ලබාගෙන ඇති බවද පැමිණිල්ලේ දැක්වේ.
මීට පෙරද ජාතික රෝහල අසල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය ආසන්නයේ එම පුද්ගලයා නිරීක්ෂණය කළ බව ඇය සඳහන් කර තිබේ.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයා හඳුනාගෙන, එවැනි ක්‍රියා සිදුකළේ කාගේ උපදෙස් මතද යන්න සොයා බලන ලෙස මනෝරි සලේ මහත්මිය ජාතික අධිකාරියෙන් ඉල්ලා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments