විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්විය.
එංගලන්තයේ බ්‍රිස්ටල්හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී ලකුණු 98ක් රැස් කළේය.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ නිලක්ෂිකා ද සිල්වා ලකුණු 30ක් රැස් කළ අතර, කවිෂා දිල්හාරි ලකුණු 21ක් ලබා ගත්තාය.
ලකුණු 99ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 16.1කදී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.
මෙම පරාජයත් සමඟ Group 2 ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට පත්ව ඇති අතර, තරග තුනම ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.
කොදෙව් කාන්තා පිල හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 5ක පරාජයක්

