Homeසියලුම පුවත්මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක

මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක

සිය කර්මාන්තයට අදාළ නිසි වැඩපිළිවෙළක් හෝ ස්ථිර තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් මාදැල් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
ඔවුන් අද සහ හෙට දිනයන්හි අඛණ්ඩව එම ස්ථානයේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වීමට නියමිත අතර, බදාදා දිනය වන විටත් විසඳුමක් නොලැබුණහොත් දිවයින පුරා සිටින තවත් ධීවරයින් 2,000කට අධික පිරිසක් මෙම විරෝධතාවයට එක්කර ගැනීමට කටයුතු කරන බව සමස්ත ලංකා මාදැල් සංගමය පවසයි.
සමස්ත ලංකා මාදැල් සංගමයේ ලේකම් ආර්. ඒ. ඩිල්රුක් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මීට පෙර දින 9ක් පුරා පැවැති සත්‍යග්‍රහයකින් අනතුරුව ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වූ බවය.
එම පොරොන්දුව අනුව නාරා ආයතනය ඇතුළු ආයතන මගින් පසුගිය අප්‍රේල් 09 වැනිදා වන විට ස්ථානීය පරීක්ෂණ අවසන් කර තිබුණද, මේ දක්වා නිසි විසඳුමක් නොලැබීමෙන් දැඩි අසහනයක් ඇතිව ඇති බවද ඔහු පෙන්වා දී ඇත.
මේ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී බදාදා දිනය වන විට ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡා කර නිශ්චිත පිළිතුරක් ලබා දෙන බවට දැනුම් දී ඇති බවද ධීවර නියෝජිතයින් සඳහන් කරති.
කෙසේ වෙතත්, මේ වන විටත් තාවකාලිකව හෝ අවසන් විසඳුමක් නොලැබීම හේතුවෙන් විරෝධතාවය දිගටම පවත්වාගෙන යන බව ඔවුන් අවධාරණය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments