වැල්ලවාය පොලිසිය විසින් අලුත්වෙල ප්රදේශයේ සිදු කළ වැටලීමකදී මහා පරිමාණයෙන් වගා කර තිබූ ගංජා හේන් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම ගංජා හේන්වල තිබී ගංජා ගස් විශාල ප්රමාණයක් සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බව පොලිසිය සඳහන් කළේය.
වැටලීමේදී ගංජා වගාවට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්ද සොයාගෙන තිබේ.
පොලිසිය විසින් ගංජා ගස් සියල්ල ගිනි තබා විනාශ කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.
වැල්ලවායේ මහා පරිමාණ ගංජා හේන් දෙකක් වටලයි

