Homeසියලුම පුවත්ඉරානයට එරෙහි ප්‍රහාර නවත්වන්නැයි ට්‍රම්ප්ට සෙනෙට් සභාවෙන් පණිවුඩයක්

ඉරානයට එරෙහි ප්‍රහාර නවත්වන්නැයි ට්‍රම්ප්ට සෙනෙට් සභාවෙන් පණිවුඩයක්

ඉරානයට එරෙහිව සිදුකරන හමුදා මෙහෙයුම් නවත්වන ලෙස ඉල්ලා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දේශපාලනික පණිවුඩයක් යොමු කරමින් සෙනෙට් සභාව යෝජනාවක් සම්මත කර තිබේ.
1973 වසරේ සම්මත කළ War Powers Resolution පනතෙන් පසුව ජනාධිපතිවරයෙකුගේ හමුදා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කොංග්‍රසයේ මණ්ඩල දෙකම එකඟව මෙවැනි යෝජනාවක් සම්මත කළ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, මෙම යෝජනාවට යුද්ධය නවත්වන නීතිමය බලයක් නොමැති අතර එය දේශපාලනික පණිවුඩයක් ලෙස පමණක් සැලකේ.
ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභිකයන් සිව්දෙනෙකුද ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්ව යෝජනාවට සහාය පළ කළ අතර, එය ට්‍රම්ප්ට සිය පක්ෂය තුළද විරෝධතා මතුවෙමින් පවතින බවට සංඥාවක් ලෙස සැලකේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments