Homeසියලුම පුවත්උතුරු ජපානයේ රික්ටර් 6.9ක භූකම්පනයක්

උතුරු ජපානයේ රික්ටර් 6.9ක භූකම්පනයක්

උතුරු ජපානයේ අද (25) රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන ඇති බව එරට කාලගුණ අංශ වාර්තා කරයි.
භූකම්පනය ඉවාටේ ප්‍රාන්තයට උතුරින් වාර්තා වී ඇති අතර, එහි කේන්ද්‍රස්ථානය පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර් 50ක පමණ ගැඹුරක පිහිටා තිබූ බව සඳහන් වේ.
කම්පනය වැඩි වශයෙන් දැනී ඇත්තේ හෂිකාමි නගරය ආශ්‍රිත ප්‍රදේශවලට වන අතර, මේ වන විට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.
භූ තැටි සක්‍රීය කලාපයක පිහිටා ඇති ජපානය තුළ නිතර භූකම්පන වාර්තා වන අතර, ස්වභාවික විපත් සඳහා සූදානම් වීමේ නවීන ආරක්ෂක ක්‍රමවේද රැසක් එරට ක්‍රියාත්මක කර තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments