Homeසියලුම පුවත්ඩොලරයේ විකුණුම් මිල රු. 342 ඉක්මවයි

ඩොලරයේ විකුණුම් මිල රු. 342 ඉක්මවයි

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතික වාර්තාවෙන් පෙන්නුම් කරයි.
අද (25) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.34ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 342.04ක් ලෙසත් සටහන් වී තිබේ.
ඊයේ (24) දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 330.35ක් වූ අතර විකුණුම් මිල රුපියල් 340.07ක් ලෙස වාර්තා වී තිබුණි.
ඒ අනුව, ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල දෙකම පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව දැක්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments