Homeසියලුම පුවත්බස් ගාස්තු 15%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට යෝජනාවක්

බස් ගාස්තු 15%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට යෝජනාවක්

එළඹෙන ජූලි 1 වැනිදා සිට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස පුද්ගලික බස් සංගම් විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, බස් ගාස්තු 15%ත් 20%ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවයි.
ඩොලරයේ අගය සහ අනෙකුත් මෙහෙයුම් පිරිවැය ඉහළ යාම හේතුවෙන් බස් කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, අවම බස් ගාස්තුව රුපියල් 35ත් 40ත් අතර මට්ටමකට ඉහළ යා හැකි බවත්, දැනට පවතින ගාස්තු කාණ්ඩ සියල්ලටම මෙම සංශෝධනය බලපානු ඇති බවත් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments