Homeසියලුම පුවත්සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විවාදයට ජනපති එක්වෙයි

සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විවාදයට ජනපති එක්වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පාර්ලිමේන්තුවට පැමිණියේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයට එක්වීම සඳහාය.
විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, දූෂණය, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දේශපාලනය අතර පවතින සම්බන්ධතා තුරන් කිරීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
අපරාධ මැඩලීම සඳහා කටයුතු කරන රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධයෙන් විපක්ෂය විවේචනාත්මක ස්ථාවරයක සිටින බවද ඔහු චෝදනා කළේය.
එමෙන්ම, නීතියට ඉහළින් කිසිවෙකු නොසිටින බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රාජ්‍ය ආයතන හෝ ආරක්ෂක අංශවල පුද්ගලයින් කිසිදු දේශපාලන හෝ පුද්ගලික අරමුණක් වෙනුවෙන් නීතිවිරෝධී ක්‍රියාවල නිරත වී ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පසුබට නොවන බව ප්‍රකාශ කළේය.
තවද, රට තුළ යුක්තිය, සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛ අරමුණ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments