අම්බලන්ගොඩ, වතුගෙදර ප්රදේශයේ මාදු ගඟේ ඔරුවකින් මසුන් අල්ලමින් සිටි මිතුරන් දෙදෙනෙකුට කිඹුලෙකු විසින් එල්ල කළ ප්රහාරයකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (25) උදෑසන සිදුව ඇති මෙම සිද්ධියේදී, ඔවුන් ගමන් කළ ඔරුවට එකවර කිඹුලෙකු ප්රහාරයක් එල්ල කිරීමත් සමඟ ඔරුව පෙරළී ඇත.
එහිදී දියේ ගිලී 32 හැවිරිදි වතුගෙදර ප්රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා බේරී ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
මාදු ගඟේ කිඹුල් ප්රහාරයකින් පුද්ගලයෙකු මරුට

