Homeසියලුම පුවත්රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක්

රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක්

රාජ්‍ය සේවකයන්ට සහනදායී ගෙවීමේ ක්‍රමයක් යටතේ සහල් කිලෝග්‍රෑම් 20ක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඒ අනුව, කැකුළු සහ නාඩු සහල් කිලෝ 10 බැගින් පැකට් දෙකක් වවුචර් ක්‍රමය යටතේ ලබාදීමට සැලසුම් කර ඇති අතර, එම සහල් සතොස සහ සමූපකාර අලෙවිසැල් මඟින් මිලදී ගැනීමට අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments