ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව, 2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 8කින් අවප්‍රමාණය වී තිබේ.
සිකුරාදා (26) දින ගනුදෙනු අවසානයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.22ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 341.87ක් ලෙසත් සටහන් වී ඇත.
මේ අතර, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ වත්මන් රුපියලේ අවප්‍රමාණය වීම 2022 වසරේ සිදුවූ මුදල් අර්බුදයට වඩා වෙනස් තත්ත්වයක් බවයි.
ඔහුගේ ප්‍රකාශයට අනුව, මෙවර රුපියලේ අගය පහළ යාමට ප්‍රධාන හේතුව දේශීය සාධක නොව ගෝලීය ආර්ථික තත්ත්වයන් බව සඳහන් වෙයි.
2026දී රුපියල ඩොලරයට සාපේක්ෂව 8%කින් අවප්‍රමාණය වෙයි

