Homeසියලුම පුවත්ප්‍රදේශ රැසකට අදත් වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්

ප්‍රදේශ රැසකට අදත් වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්

අද (29) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසිද අපේක්ෂා කරන බව සඳහන් වේ.
ඌව පළාතේ සහ අම්පාර හා මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 2.00ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.
මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා තරමක තද සුළං හමා යා හැකි බවට අනතුරු අඟවා තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments