Homeසියලුම පුවත්මේ වසරේ රාජ්‍ය ආදායම පහළ යනු ඇතැයි පුරෝකථනයක්

මේ වසරේ රාජ්‍ය ආදායම පහළ යනු ඇතැයි පුරෝකථනයක්

2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම පහළ යනු ඇති බව මුදල් අමාත්‍යාංශය පුරෝකථනය කර තිබේ.
2027 වසර සඳහා නිකුත් කළ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයට අනුව, 2025දී දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 16.7ක් ලෙස පැවති රාජ්‍ය ආදායම 2026දී සියයට 15.8ක් දක්වා අඩුවනු ඇතැයි සඳහන් කර ඇත.
2025 වසරේ වාහන ආනයනය යළි ආරම්භ කිරීමත් සමඟ ලැබුණු එක්වරක් පමණක් හිමි වූ බදු ආදායම් සාමාන්‍ය තත්ත්වයට පත්වීම මෙම පහළ යාමට ප්‍රධාන හේතුව බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එමෙන්ම, 2022 ආර්ථික අර්බුදය සමයේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 8.4ක් දක්වා පහළ ගොස් තිබූ අතර, පසුව ක්‍රියාත්මක කළ බදු ප්‍රතිසංස්කරණ සහ ආදායම් පරිපාලන වැඩපිළිවෙළ හේතුවෙන් බදු පදනම පුළුල් වී ඇති බවද සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, මැදපෙරදිග භූ දේශපාලනික තත්ත්වයන්, ගෝලීය වෙළෙඳාම සහ බලශක්ති වෙළෙඳපොළේ ඇතිවිය හැකි බාධා හේතුවෙන් ඉදිරි කාලයේ රාජ්‍ය ආදායම් ඉලක්ක පවත්වා ගැනීම අභියෝගයක් විය හැකි බවද මුදල් අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments