තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (29) අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (30) පෙරවරු 11.00 දක්වා ඉදිරි පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වෙන බව සඳහන් වේ.
ඒ අනුව, කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු අඟවා ඇත.
එමෙන්ම, හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2ත් 3ත් අතර දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවද නිවේදනයේ සඳහන් වේ.
මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් දැනුම් දී තිබේ.
තද සුළං සහ රළු මුහුද ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

