ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා සහ සාමාජිකයෙකු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත් කර තිබේ.
එමෙන්ම, ආයෝජන මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ. ඒ. විමලේන්තිරරාජා යන මහත්ම මහත්මීන් ද පත් කර ඇති බව සඳහන් වෙයි.
අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව පත්වීම් ලැබූ සාමාජිකයන් වෙත භාරදී තිබේ.

