වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (30) යල කන්නයේ වී තොග රජය මිලදී ගන්නා සහතික මිල ගණන් ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව, නාඩු වී කිලෝවක් රුපියල් 120කට, සම්බා වී කිලෝවක් රුපියල් 130කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140කට මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
එමෙන්ම, දැනට පවතින සහල් තොග කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කර පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
යල කන්නයේ වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කෙරේ

