Homeසියලුම පුවත්ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනයට IMF හි ඉහළ ඇගයීමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනයට IMF හි ඉහළ ඇගයීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන ප්‍රගතිය සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඉහළින් ඇගයීමට ලක් කර තිබේ.
ජූනි 24 සිට 30 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ එම නියෝජිත පිරිස අද (30) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡාවක නිරත වූ අතර, IMF සහාය ලබන බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද සඳහන් කළේය.
එමෙන්ම, ඉදිරි ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහාද අඛණ්ඩ සහාය ලබාදෙන බවට IMF නියෝජිතයින් සහතික වී තිබේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, ආර්ථික ස්ථාවරභාවය පමණක් නොව එහි ප්‍රතිලාභ ජනතාවට සෘජුවම ලබාදීම රජයේ ප්‍රමුඛ අරමුණ බවයි.
තවද, එළඹෙන සැප්තැම්බර් මාසයේදී EFF වැඩසටහනේ 7 වැනි සමාලෝචනය සිදුකිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය ඉතිරි වගකීම් කඩිනමින් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments