Homeසියලුම පුවත්සවස 2න් පසු ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇද හැලෙයි

සවස 2න් පසු ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇද හැලෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
එමෙන්ම ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්කවල තැනින් තැන පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනය කර ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 40–50ක පමණ තද සුළං විටින් විට ඇති විය හැකි බවද සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments