මෙම වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, පසුගිය පැය 24 තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 2,604 දෙනෙකු හඳුනාගෙන තිබේ.
සමස්ත රෝගීන්ගෙන් සියයට 52.5ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 32,054කි. ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 9,674ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,237ක් වාර්තා වී තිබේ.
මධ්‍යම පළාතෙන් රෝගීන් 4,823ක්, නැගෙනහිර පළාතෙන් 2,979ක්, වයඹ පළාතෙන් 2,778ක්, ඌව පළාතෙන් 1,550ක්, උතුරු මැද පළාතෙන් 1,013ක් සහ උතුරු පළාතෙන් 957ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කරයි.
දිස්ත්‍රික්ක අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 12,445කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,282ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,428ක් වාර්තා වී තිබේ.
මේ අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 142ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,000 ඉක්මවයි

