කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද (ජූලි 16) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට ස්වල්ප වැසි ඇති විය හැකිය.
ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමා යා හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.
එබැවින් තද සුළං පවතින ප්‍රදේශවල ජනතාව සහ ධීවර ප්‍රජාව අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස දැනුම් දී ඇත.

