Homeසියලුම පුවත්බන්ධනාගාර ගැටලු ගැන ජනපතිගේ විශේෂ සාකච්ඡාවක්

බන්ධනාගාර ගැටලු ගැන ජනපතිගේ විශේෂ සාකච්ඡාවක්

බන්ධනාගාර පද්ධතියේ මේ වන විට පවතින ගැටලු සහ ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ඒ සඳහා අදාළ අමාත්‍යාංශ නිලධාරීන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටි අතර, ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීම සහ පවතින ගැටලුවලට විකල්ප විසඳුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.
මෙම සාකච්ඡාවට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඇතුළු අමාත්‍යාංශ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද සහභාගී වූහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments