පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.
අද දින ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ යෝජනා දෙකක් විවාදයට ගැනීමට නියමිත අතර, විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් COPA කාරක සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම පිළිබඳ විශේෂ යෝජනාවක් ද විවාදයට ගැනේ.
එමෙන්ම, COPE කාරක සභාව අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම පිළිබඳවද විවාදයක් පැවැත්වීමට නියමිතය.
මේ අතර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායකවරයා වෙත භාරදීමට විපක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසන්නේ, විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවයි

